රුපියල් මිලියන 377ක පමණ අධික වටිනාකමකින් යුතු හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ජාතික සැකකරුවෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ ගුවන් මගීන් මුදල් ගෙවා ප්‍රභූ පහසුකම් ලබාගන්නා ‘ගෝල්ඩ් රූට්’ (Gold Route) මගී පර්යන්තය ඔස්සේ මෙම විදේශිකයා ඊයේ (19) මධ්‍යම රාත්‍රියේදී මෙරටට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර, එහිදී ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ ඔහුව කොටු කර ගැනීමට සමත්ව ඇත.
















