එංගලන්තයේ බෙඩ්ෆෝර්ඩ් නගරයට දකුණු දෙසින් වූ ප්‍රධාන මාර්ගයක සිදු වූ දරුණු රිය අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි හදිසි තත්ත්වයක් හටගෙන තිබේ. තත්ත්වයේ බරපතලකම සැලකිල්ලට ගෙන විශේෂ ගුවන් ගිලන් රථයක්, හදිසි ආපදා රථ සහ වෛද්‍ය සම්පත් රැසක් සමඟ ගිලන් රථ සේවාවට අනුයුක්ත ‘අන්තරායකර කලාපීය ප්‍රතිචාර දැක්වීමේ විශේෂ කණ්ඩායමක්’ (HART) ද සිද්ධිය වූ ස්ථානය වෙත කඩිනමින් කැඳවා ඇති බව නැගෙනහිර එංගලන්ත ගිලන් රථ සේවාව ප්‍රකාශ කරයි. පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් විසින් මාර්ගය තාවකාලිකව වසා දමා පරීක්ෂණ සහ මුදාගැනීමේ කටයුතු සිදුකරන බැවින්, පවතින දැඩි වාහන තදබදය මඟහරවා ගැනීමට එම ප්‍රදේශය භාවිත කිරීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
















