හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විමර්ශන හමුවේ දක්වන හැසිරීම සහ ඔහු අනුගමනය කරන ක්‍රියාකලාපය පාසල් යාමට අකමැත්තෙන් හඬා වැලපෙන කුඩා දරුවෙකුගේ ක්‍රියාවන්ට සමාන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය පවසයි.
විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේය.පාසල් යන වයසේ දරුවෙකු මෙන් හැසිරෙමින් විමර්ශන මගහැරීමට උත්සාහ නොකර, එල්ල වී ඇති චෝදනාවලට නොසැලී සහ සෘජුව මුහුණ දෙන ලෙස ඇය හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් ඉල්ලා සිටී.රජයේ වගකිවයුතු ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙකු ලෙස, මෙවැනි විමර්ශනවලදී මගහැරීම් සිදු නොකර වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය මන්ත්‍රීවරිය මෙහිදී අවධාරණය කළාය.
















