බෙංගමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහනකදී, නොසැලකිලිමත් අයුරින් මදුරු කීටයන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් හය දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ඌරුබොක්ක පොලීසිය සහ පස්ගොඩ ප්‍රාදේශීය සභාව එක්ව පසුගියදා (23) මෙම මෙහෙයුම සිදු කළේය. මෙහිදී නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 160ක් පරික්ෂාවට ලක් කළ අතර, සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදි පුද්ගලයන් 15 දෙනෙකුට රතු නිවේදන නිකුත් කිරීමට ද බලධාරීන් පියවර ගත්තේය.
මෙම වැඩසටහන සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය සභා නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















