ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අබියසදී උසස් පෙළ හදාරන සිසු සිසුවියන් 100 දෙනෙකු සඳහා පාසල් බෑග් සහ පොත්පත් ඇතුළු අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කිරීමේ පුණ්‍යකර්මයක් පසුගියදා (23) සිදු කෙරිණි.
රුවන්වැලි මහා සෑ චෛත්‍යරාමාධිපති පූජ්‍ය ඊතළවැටුණවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
















