පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෙවර උපාධි ප්රදානෝත්සවය ජුනි 24 සහ 25 දිනවල පැවැත්වීණි. සර් අයිවර් ජෙනිංග්ස්ගේ සිට මේ දක්වා උපාධි ප්‍රදානෝත්සව 86 ක් පවත්වා ඇති අතර මේ දිනවල පැවැත්වෙන්නේ 87 වන උපාධි ප්රදානෝත්සවයයි.
1952 නොවැම්බර් 21 වන දින පළමු උපාධි ප්රදානෝත්සවය පැවැත්වෙන විට ඊට සුභ පතමින් එංගලන්තයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ, එංගලන්ත අගමැති වින්සන්ට් චර්චිල් ගේ හෝ මෙරට අගමැති ඩඞ්ලි සේනානායක, අධ්‍යාපන ඇමති ඊ.ඒ.නුගවෙල ඇතුළු දේශපාලන අධිකාරියේ සුභපැතුම් ඊට එක් කිරීමට අවශ්‍ය වෙතැයි එවකට උපකුලපති සර් අයිවර් ජෙනිංග්ස් කල්පනා කර තිබුනේ නැත.
ඊට හේතුව සම්පූර්ණ ශාස්ත්‍රීය කටයුත්තක් වන උපාධි ප්රදානෝත්සවය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දේශපාලනයෙන් සහ රාජ්‍ය පාලනයෙන් වෙන්කර ස්වාධීනව පැවැතිය යුතු වන බවට, අධ්‍යාපනයේ මෙන්ම රාජ්‍ය තාන්ත්රිකත්වයේද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේද ප්රාමාණිකයෙකු වූ සර් අයිවර් ජෙනිංග්ස් කල්පනා කොට තිබුන බැවිනි.
ඉන් අනතුරුව 85 වාරයක්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානොත්සව (මුල්කාලීනව University of Ceylon ) පවත්වන ලද්දේ සර් අයිවර් ජෙනිංග්ස් අනුගමනය කරමින් දේශපාලකයන්ගේ සහ රාජ්‍ය නායකයන්ගේ සුභ පැතුම් වැනි නිසරු පුරාජේරු ඊට එක් කර නොගෙනය.
එහෙත් වර්තමාන උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, සර් අයිවර් ජෙනිංග්ස් කවර දුහුනෙක් දැයි කල්පනා කරමින් එම මග අතහැර තමන් විසින්ම නිර්මාණය කරගත් වෙනත් මගක යාමට තීරණය කර තිබෙන බව පෙනෙන්නට තිබේ.
ඒ අනුව 87 වන උපාධි ප්‍රදානෝත්සවයට රාජ්‍ය නායකයන්ගේ මතු නොව ලේකම්වරුන්ගේද,චායාරූප සහ සුභපැතුම් සමග තමන්ගේ චායාරූපය සහිත සුභ පැතීමද එක් කර ගනිමින් විශාල ප්‍රමාණයේ (Full Page ) දැන්වීමක් නිර්මාණය කර මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබෙන්නේ පේ‍්‍රමදාස යුගයේ “ගම්උදාව” සිහිගන්වමිනි.මෙම අමන කටයුත්තට එරෙහිව මේ වන විටත් පේරාදෙණයේ අපක්ෂපාතී විද්වතුන්ගේ, ආචාර්ය, මහාචාර්යවරුන්ගේ, විවේචන එල්ල වෙමින් තිබේ.
මෙම “තකතීරු” උත්සාහය මගින් රාජ්‍ය නායකයන් සමග තමන් සම තත්ත්වයේ සිටින බවට ප්‍රදර්ශනය කර “ස්වයං වින්දනයක්” ලැබීමට අමතරව ජනාධිපතිවරයා, අගමැතිවරිය, අධ්‍යාපන ලේකම් ආදීන්ට තමන් ඔවුන්ගේ (ජන බලවේග ආණ්ඩුවේ ) සුවච කීකරු ගෝලයෙකු බවට හැගීමක් ඇති කිරීමද අපේක්ෂා කර තිබේ.එම “සිගිති ආතල්” වලට අනුකම්පා කල යුතු බව අපි කියන්නෙමු.
එහෙත් මෙම කටයුත්තේ ඇති සැගවුන අරමුණ හදුනාගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායකට අපහසු වෙතැයි අප සිතන්නේ නැත. මධුජිත්ගේ සැගවුන අපේක්ෂාව වන්නේ ආණ්ඩුව සතුටු කර, එමගින් ලබන වසරේදී පැවැත්වීමට නියමිත උපකුලපති නිලවරණයෙන් තවත් වසර 3 කට බලය ඩැහැ ගැනීම මිස අන් යමක් නොවේ.
එහෙත් ඒ.ජේ.රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට ලබාදුන් ආකාරයේ “ලණු” අනුර කුමාර ජනාධිපතිවරයාට ගිල්වීම නොකළ හැකි බවත්, ශරීරයේ ගැඹුරින් තැවරී තිබෙන කොලපාට වසා ගැනීමට ඊට උඩින් රෝස(හෝ දම්) පාට ආලේප කර ගැනීමෙන් පමණක් නොහැකි බවත් ටෙරන්ස් මධුජිත් දතයුතුය.
මධුජිත් උපකුලපතිවරයාට මෙම දිරච්ච ලණු ගිල්වීම පිටුපස ඔහුගේ මාධ්‍ය කටයුතුද මහජන (අ)සම්බන්ධතාද හසුරුවන සට්ටැඹියෙකු සිටින බව දැනගන්නට ඇත.කේලාම් කීම හැර අන්යමක් නොදත් මෙවැනි “බොල් පිළිම” වලට “සීතාම්බර පට සළු” දන්දවා උපකුලපතිවරයෙකු වුවද හෙළුවෙන් යැවීමට හැකියාව ඇති බව මෙම සිද්ධියෙන් පැහැදිලි වේ.
















