• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උපකුලපති මධුජිත් ඊලග ධූර කාලය වෙනුවෙන් උපාධි ප‍්‍රදානෝත්සවයේ ගෞරවය පාවා දෙයි

ඉතිහාසයේ පළමු වතාවට උපාධි ප‍්‍රදානෝත්සවයට දේශපාලකයන්ගේ සුභපැතුම්

26 June 2026
in දේශීය, පුවත්
උපකුලපති මධුජිත් ඊලග ධූර කාලය වෙනුවෙන්  උපාධි ප‍්‍රදානෝත්සවයේ  ගෞරවය පාවා දෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෙවර උපාධි ප‍්‍රදානෝත්සවය ජුනි 24 සහ 25 දිනවල පැවැත්වීණි. සර් අයිවර් ජෙනිංග්ස්ගේ සිට මේ දක්වා උපාධි ප‍්‍රදානෝත්සව 86 ක් පවත්වා ඇති අතර මේ දිනවල පැවැත්වෙන්නේ 87 වන උපාධි ප‍්‍රදානෝත්සවයයි.
1952 නොවැම්බර් 21 වන දින පළමු උපාධි ප‍්‍රදානෝත්සවය පැවැත්වෙන විට ඊට සුභ පතමින් එංගලන්තයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ, එංගලන්ත අගමැති වින්සන්ට් චර්චිල් ගේ හෝ මෙරට අගමැති ඩඞ්ලි සේනානායක, අධ්‍යාපන ඇමති ඊ.ඒ.නුගවෙල ඇතුළු දේශපාලන අධිකාරියේ සුභපැතුම් ඊට එක් කිරීමට අවශ්‍ය වෙතැයි එවකට උපකුලපති සර් අයිවර් ජෙනිංග්ස් කල්පනා කර තිබුනේ නැත.
ඊට හේතුව සම්පූර්ණ ශාස්ත‍්‍රීය කටයුත්තක් වන උපාධි ප‍්‍රදානෝත්සවය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දේශපාලනයෙන් සහ රාජ්‍ය පාලනයෙන් වෙන්කර ස්වාධීනව පැවැතිය යුතු වන බවට, අධ්‍යාපනයේ මෙන්ම රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයේද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතියේද ප‍්‍රාමාණිකයෙකු වූ සර් අයිවර් ජෙනිංග්ස් කල්පනා කොට තිබුන බැවිනි.
ඉන් අනතුරුව 85 වාරයක්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප‍්‍රදානොත්සව (මුල්කාලීනව University of Ceylon ) පවත්වන ලද්දේ සර් අයිවර් ජෙනිංග්ස් අනුගමනය කරමින් දේශපාලකයන්ගේ සහ රාජ්‍ය නායකයන්ගේ සුභ පැතුම් වැනි නිසරු පුරාජේරු ඊට එක් කර නොගෙනය.
එහෙත් වර්තමාන උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, සර් අයිවර් ජෙනිංග්ස් කවර දුහුනෙක් දැයි කල්පනා කරමින් එම මග අතහැර තමන් විසින්ම නිර්මාණය කරගත් වෙනත් මගක යාමට තීරණය කර තිබෙන බව පෙනෙන්නට තිබේ.
ඒ අනුව 87 වන උපාධි ප‍්‍රදානෝත්සවයට රාජ්‍ය නායකයන්ගේ මතු නොව ලේකම්වරුන්ගේද,චායාරූප සහ සුභපැතුම් සමග තමන්ගේ චායාරූපය සහිත සුභ පැතීමද එක් කර ගනිමින් විශාල ප‍්‍රමාණයේ (Full Page ) දැන්වීමක් නිර්මාණය කර මාධ්‍ය හරහා ප‍්‍රචාරය කිරීමට කටයුතු කර තිබෙන්නේ පේ‍්‍රමදාස යුගයේ “ගම්උදාව” සිහිගන්වමිනි.මෙම අමන කටයුත්තට එරෙහිව මේ වන විටත් පේරාදෙණයේ අපක්‍ෂපාතී විද්වතුන්ගේ, ආචාර්ය, මහාචාර්යවරුන්ගේ, විවේචන එල්ල වෙමින් තිබේ.
මෙම “තකතීරු” උත්සාහය මගින් රාජ්‍ය නායකයන් සමග තමන් සම තත්ත්වයේ සිටින බවට ප‍්‍රදර්ශනය කර “ස්වයං වින්දනයක්” ලැබීමට අමතරව ජනාධිපතිවරයා, අගමැතිවරිය, අධ්‍යාපන ලේකම් ආදීන්ට තමන් ඔවුන්ගේ (ජන බලවේග ආණ්ඩුවේ ) සුවච කීකරු ගෝලයෙකු බවට හැගීමක් ඇති කිරීමද අපේක්‍ෂා කර තිබේ.එම “සිගිති ආතල්” වලට අනුකම්පා කල යුතු බව අපි කියන්නෙමු.
එහෙත් මෙම කටයුත්තේ ඇති සැගවුන අරමුණ හදුනාගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායකට අපහසු වෙතැයි අප සිතන්නේ නැත. මධුජිත්ගේ සැගවුන අපේක්‍ෂාව වන්නේ ආණ්ඩුව සතුටු කර, එමගින් ලබන වසරේදී පැවැත්වීමට නියමිත උපකුලපති නිලවරණයෙන් තවත් වසර 3 කට බලය ඩැහැ ගැනීම මිස අන් යමක් නොවේ.
එහෙත් ඒ.ජේ.රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට ලබාදුන් ආකාරයේ “ලණු” අනුර කුමාර ජනාධිපතිවරයාට ගිල්වීම නොකළ හැකි බවත්, ශරීරයේ ගැඹුරින් තැවරී තිබෙන කොලපාට වසා ගැනීමට ඊට උඩින් රෝස(හෝ දම්) පාට ආලේප කර ගැනීමෙන් පමණක් නොහැකි බවත් ටෙරන්ස් මධුජිත් දතයුතුය.
මධුජිත් උපකුලපතිවරයාට මෙම දිරච්ච ලණු ගිල්වීම පිටුපස ඔහුගේ මාධ්‍ය කටයුතුද මහජන (අ)සම්බන්ධතාද හසුරුවන සට්ටැඹියෙකු සිටින බව දැනගන්නට ඇත.කේලාම් කීම හැර අන්යමක් නොදත් මෙවැනි “බොල් පිළිම” වලට “සීතාම්බර පට සළු” දන්දවා උපකුලපතිවරයෙකු වුවද හෙළුවෙන් යැවීමට හැකියාව ඇති බව මෙම සිද්ධියෙන් පැහැදිලි වේ.
Post Views: 4
Previous Post

රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම සහ ආබාධිත ප්‍රජාව ක්‍රීඩාවට යොමු කිරීමේ අවශ්‍යතාව

Next Post

හොරාට අරක්කු වික්ක පෝර්ට් සිටියේ චිල් කොළඹ අවන්හලට ලක්ෂ 2.85ක දඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
හොරාට අරක්කු වික්ක පෝර්ට් සිටියේ චිල් කොළඹ අවන්හලට ලක්ෂ 2.85ක දඩයක්

හොරාට අරක්කු වික්ක පෝර්ට් සිටියේ චිල් කොළඹ අවන්හලට ලක්ෂ 2.85ක දඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved