මෙරට තුළ ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීමේ වැදගත්කම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ අවස්ථාවලදී පෙන්වා දී ඇති බව වසන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ක්‍රීඩා සංස්කෘතියක් හරහා සමාජීය මෙන්ම ආකල්පමය වශයෙන් විශාල ප්‍රබෝධයක් සහ දිරිගැන්වීමක් ජනනය කළ හැකි බව ඔහු අවධාරණය කළේය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 32%කට අධික ප්‍රමාණයක් ශාරීරික හා මානසික අපහසුතා සහිත ප්‍රජාවකි. මෙම පිරිස ක්‍රීඩාවට යොමු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය දක්වන කැපවීම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව වසන්ත ද සිල්වා මහතා මෙහිදී රජයෙන් කරුණු විමසා සිටියේය.
















