පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකින් අනතුරුව උපකුලපති නිල නිවසේ භෝජන සංග්‍රහයක් පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදායකි.ඒ අනුව 87 වන උපාධි ප්‍රදානෝත්සවයෙන් අනතුරුව එකී භෝජන සංග්‍රහය 2026-06-25 දින රාත්‍රියේ උපකුලපති නිල නිවසේ පැවැත්වී තිබේ.අපගේ මාතෘකාව එය නොවේ.
2024 වර්ෂයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයෙන් අනතුරුව මෙකී භෝජන සංග්‍රහය මධුජිත් උපකුලපති වරයාගේ ප්‍රධානත්වයෙන් 2024-08-22 දින රාත්‍රියේ, උපකුලපති නිල නිවසේදී පැවැත්වී තිබේ. කොහොමටත්
“මධු” යනු රහමෙර ය.”ජිත්” යනු එයින් පූර්ණ වූ යන අරුත ගත හැකිය.එය අතුරු කාරණයකි.
මෙම අවස්ථාවේ දී ඊට සහභාගි වී සිටි පාලක සභා සහ අනධ්‍යන ආයතන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී මංජුල විජේසුන්දර මහතාට අමානුෂික පහරදීමක් සිදුව තිබේ.මෙම පහරදීම සියැසින් දුටුවන් අතර මධුජිත් උපකුලපති වරයාගේ භාර්යාවද සිට ඇත.පහරදීම මගින් අදාල ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී මංජුල විජේසුන්දර කොතරම් බියට පත් වූයේද යත් වහාම එම ස්ථානයෙන් පලා ගොස් අළුයම 3.15 ට නිදිවර්ජිතව සිටිමින් ලිපියක් ලියා මේ පිලිබදව මධුජිත් උපකුලපති වරයා වෙත පැමිණිලි කිරීමට කටයුතු කර තිබේ.ඉන් පසුව සේවයට වාර්තා කිරීමට පවා බියවන ඔහු සේවයෙන් ඉල්ලා අස්වී රට හැර යාමටද කටයුතු කර තිබේ.
අරුම පුදුම කාරණය නම් උපකුලපතිතු නිල නිවසේ සිදුව ඇති මෙම පහරදීම සම්බන්ධයෙන් කිසිම පියවරක් මෙතෙක් ගෙන නොමැති වීමය.
ගොරකා දඩමස් කිරීමට දක්ශ බව පෙනෙන උපකුලපති ගෙන් අප අසන්නේ මෙවර භෝජන සංග්‍රහය අතරතුර තවත් කිසිවෙක් ගුටිකා තිබේද? යන්නයි.එවැන්නක් සිදුව තිබුණත් එයට එරෙහිව කිසිම පියවරක් ඔහු නොගනු ඇති බව නම් අපට විශ්වාසය.
















