පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා විසින් අද දින පාර්ලිමේන්තුව වෙත මහජන පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.
හාලියල, ඒකනායක මාවතේ, “සතසිරිපාය” ලිපිනයේ පදිංචි එඩී සමරීර මහතා විසින් තමන් වෙත ලබා දුන් පෙත්සමක් මෙලෙස සභාව වෙත ඉදිරිපත් කළ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මෙම පෙත්සම නියෝජ්‍ය කථානායකවරයා වෙත භාර දෙමින්, ඒ පිළිබඳව නිල වශයෙන් සභාව දැනුවත් කිරීමට කටයුතු කළේය.
















