2008 වසරේ අනුරාධපුරයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විශ්‍රාමික මේජර් ජනරාල් ජනක පෙරේරා සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ විත්තිකරුවෙකුට එරෙහිව පනවා තිබූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ. එම දඬුවමට එරෙහිව විත්තිකරු විසින් ගොනු කර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
















