පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඝාරාමයේ උපශාලාධිපති කහගල සාරානන්ද හාමුදුරුවන්ගෙන් පළිගත් කතාවේ කොටස් හතරක් අප මීට පෙර ගෙන ආ අතර අද ගෙන එන්නේ එහි 5 වන කොටසය.
උපකුලපතිවරයා විසින් සිය 2026-03-18 දිනැති චෝදනා පත්‍ර මගින් සාරානන්ද හිමියන්ට එරෙහිව බරපතල චෝදනා 6ක් එල්ල කර තිබේ. මෙම චෝදනාවන් සියල්ලම ආරම්භ වන්නේ ”ඔබ වර්ෂ 2024-12-02 දින හා/හෝ ඊට ආසන්න දිනක සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෙහෙල්පන්නල භික්ෂු නේවාසිකාගාරයේ පූර්ණකාලීන උපශාලාධිපතිවරයා වශයෙන් සේවය කරමින් සිටියදී විශ්වවිද්‍යාලයේ දේපලක් වන නේවාසිකාගාර භූමිය තුළ කොස් ගසක් වැටී තිබූ බවට…” ආදී වශයෙනි.
මෙම චෝදනාවන්ට පිළිතුරු සපයමින් සාරානන්ද හිමියන් කියා ඇත්තේ භික්ෂු නේවාසිකාගාරය පිහිටා ඇත්තේ විශ්වවිද්‍යාලය සතු භූමියක නොවන බැවින් එම චෝදනා සියල්ල වලංගු නොවන බවය.
භූමියේ ප්‍රශ්නය කෙසේද යත් එය සාරානන්ද හිමියන් විසින්ම ලියා දන්වා ඇති පරිදි මෙසේය: දැනට සංඝාරාමය පිහිටි ඉඩම, ලෝකඩ පිළිම වහන්සේ සහිත ශෛලමය විහාර මන්දිරය හා සංඝාරාමය (සංඝාරාම විහාර භාරකාර මණ්ඩලය විසින් සකස් කර ඇති ගොඩනැගිලි), කෙහෙල්පන්නල වලව්ව (දැනට කෙහෙල්පන්නල ශාලාව), හිදගල වලව්ව (කොටසක් කඩා වැටුණු කොටසක් පරිහරණය කරන කෙහෙල්පන්නල ශාලාවේ උඩ කොටස) යන ගොඩනැගිලි හා මේ සියල්ල පිහිටි භූමිය සහ තුරු ලතා සහිත එහි ඇති සියළු නිශ්චල දේපළ ”ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංඝාරාම විහාර භාරකාර මණ්ඩලය” සතුය.
ඒ අනුව කොස් ගසේ අයිතිකරුවා වන්නේද පේරාදෙණිය විශ්වවිද්‍යාලය නොව ”ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංඝාරාම විහාර භාරකාර මණ්ඩලය”යි. සාරානන්ද හිමියන් විසින් විශ්වවිද්‍යාල බලධාරීන්ගේ කණ රත්වන්නට දී ඇති පිළිතුර නම් අපූරුය.
– මතු සම්බන්ධයි.
















