‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රට පුරා ක්‍රියාත්මක කළ හදිසි නීතිය, මෙම මාසයෙන් පසු තවදුරටත් දීර්ඝ නොකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කිරීම සහ ආපදා කළමනාකරණය සඳහා පමණක් හදිසි නීතිය භාවිතා කළ බවත්, රජය කිසිවිටෙකත් එය වැරදි ලෙස භාවිතා නොකළ බවත් ඔහු අවධාරණය කළේය.
ජනාධිපතිවරයා සහ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත් බවත්, ඒ අනුව කිසිදු පාර්ශවයකට අගතියක් සිදු නොවී කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














