දිවයින වටා ක්‍රියාත්මක නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ජූනි මස 2 සහ 3 යන දින දෙක පුරා රටේ ප්‍රදේශ රැසක චණ්ඩ මාරුත සහ දැඩි කාලගුණික බලපෑම් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවයි.
මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් පවතින අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශ සහ මුහුදුබඩ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට සහ ධීවර ප්‍රජාවට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත්, අනපේක්ෂිත කාලගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් කල්පනාකාරී වන ලෙසත් ඔවුන් වැඩිදුරටත් සිහිපත් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන්න.














