“වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සහ ගේට්ටු සහිත නව වාන් දොරක් ඉදිකිරීමේ කටයුතු ඊයේ (02) ආරම්භ කෙරිණි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ අතර, ඒ සඳහා වැය කිරීමට නියමිත ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 83.20කි. මෙම ව්‍යාපෘතිය හරහා කෘෂිකාර්මික කටයුතුවල නිරත ගොවි ජනතාවට විශාල පහසුකමක් සහ ජල කළමනාකරණය සඳහා නව ශක්තියක් ලැබෙනු ඇත.














