1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) සිය සහතිකය සටහන් කර තිබේ. කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පසුගිය 20 වැනිදා සම්මත කර ගන්නා ලද මෙම පනත, 2026 අංක 21 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත ලෙස අද දින සිට බලාත්මක වේ.
වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති මෙම පනත යටතේ වන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන්ට ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, අදාළ දඩ මුදල් රුපියල් 10,000 සිට රුපියල් 100,000 (ලක්ෂය) දක්වා ඉහළ නැංවීම මෙම නව සංශෝධනය මඟින් සිදු කර ඇත.
















