ඉන්දීය හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන පියුෂ් චව්ලා (Piyush Chawla) 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා යාපනය (Jaffna) කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබේ. ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන අංශ තුනම නියෝජනය කර ඇති මෙම ප්‍රවීණ පා දඟ පන්දු යවන්නාගේ පැමිණීම යාපනය කණ්ඩායමේ ශක්තිය තවත් ඉහළ නැංවීමට හේතුවනු ඇත. 2007 විස්සයි-20 ලෝක කුසලානය සහ 2011 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය සංචිතවල සාමාජිකයෙකු වූ චව්ලා, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ශූරතා කිහිපයක් ද දිනාගනිමින් දේශීය හා ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ඉහළ පළපුරුද්දක් ලබා ඇති ක්‍රීඩකයෙකි.
















