මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් ධීවරයින් මුහුදු යාම සීමා වීමත් සමඟ වෙළෙඳපොළේ මාළු මිල යළිත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා සඳහන් කළේ මත්ස්‍ය සැපයුම අඩු වීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
ඒ අනුව, අද (04) දින පෑලියගොඩ තොග වෙළෙඳපොළේ සාලයා කිලෝවක මිල රුපියල් 1,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ලින්නා කිලෝවක් රුපියල් 1,200කටත්, කෙලවල්ලා රුපියල් 1,600කටත් අලෙවි වී තිබේ. මීට අමතරව තෝරා කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 3,000ක් ලෙසයි.
















