ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉන්දීය වීසා, විදේශ ගමන් බලපත්‍ර (Passport), OCI (Overseas Citizen of India) සහ වෙනත් කොන්සියුලර් සේවාවන් සැපයීමේ බාහිර නියෝජිතයා ලෙස ‘Alhind Global Services’ ආයතනය තෝරාගෙන ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.
ඒ අනුව 2026 ජූලි 07 වනදා සිට මෙම නව ආයතනය කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම යාපනය සහ හම්බන්තොට පිහිටි කොන්සියුලර් ජනරාල් කාර්යාල වෙනුවෙන් සිය සේවා කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මීට අමතරව, ජනතාවට වඩාත් පහසුවෙන් සේවාවන් ලබාදීම සඳහා මඩකලපුව ප්‍රදේශයේ ද නව ඉන්දීය කොන්සියුලර් අයදුම්පත් මධ්‍යස්ථානයක් (ICAC) විවෘත කෙරේ.
ලබන ජූලි 07 වනදා සිට අයදුම්කරුවන්ට ICAC ශ්‍රී ලංකා නිල වෙබ් අඩවිය හරහා වීසා සහ අනෙකුත් සේවාවන් සඳහා වේලාවන් වෙන් කරවා ගත හැකි අතර කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන නගරවල පිහිටි නව මධ්‍යස්ථාන වෙත තම අයදුම්පත් භාර දිය හැකිය.
















