අභාවප්‍රාප්ත වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා මිලියන සංඛ්‍යාත ජනකායක් අගනුවර වන ටෙහෙරාන් (Tehran) නුවර වෙත ගලා එමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ඉතිහාසයේ දැවැන්තම ජනකායක් සහභාගී වන අවස්ථාවක් ලෙස මෙය සටහන් වන අතර, ටෙහෙරාන් නුවර ප්‍රධාන වීදි සියල්ලම පාහේ ශෝකයට පත් ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබේ.
රටේ දශක කිහිපයක දේශපාලන සහ ආගමික ගමන්මග තීරණය කළ තම නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉරානයේ නන්දෙසින් පැමිණි ජනතාව විවිධ ආගමික වතාවත්වල නිරත වෙමින් සහ උපහාර පාඨ කියමින් අවමංගල්‍ය පෙරහැර සඳහා එක්ව සිටින බව ටෙහෙරාන් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
















