මෝදර ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙරට නිෂ්පාදිත ‘ටී කටස්’ (T-Cuts) වර්ගයේ ගිනිඅවි දෙකක් සොයාගෙන තිබේ.
මෙම ගිනිඅවි සොයාගෙන ඇත්තේ විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මෝදර නිපුනගේ සහෝදරයා වන ‘මෝදර චතුර’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මතය. පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ සැකකරු මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතී.
මීට පෙර දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ ගිනිඅවි 18ට සමාන ලක්ෂණ මෙම ගිනිඅවිවලින්ද දක්නට ලැබෙන බැවින්, මෙම සියලුම ගිනිඅවි එකම පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කර ඇති බවට පොලිසිය සැක පළ කරයි. එම නිෂ්පාදකයා සොයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලිසිය විසින් අඛණ්ඩව ගිනිඅවි අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මේ වන විට අපරාධකරුවන් අතර ගිනිඅවි හිඟයක් ඇතිවී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මෙරට තුළම ගිනිඅවි නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇති බවටත් තොරතුරු ලැබී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේය.














