මැදපෙරදිග කලාපීය සහයෝගය නොමැතිව සාම ප්‍රයත්නයන් කිසිසේත් සාර්ථක කර ගත නොහැකි බව තුර්කි ජනාධිපති තායිප් අර්දගන් (Tayyip Erdogan) මහතා අද (04) ප්‍රකාශ කළේය. එමෙන්ම, වත්මන් ඇමරිකා-ඉරාන සාම ගිවිසුම “පුපුරුවා හැරීමට” ඊශ්‍රායලයට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බව ද ඔහු අවධාරණය කර සිටියි.
ඉස්තාන්බුල් නුවරදී පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් (Shehbaz Sharif) මහතා සමඟ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තුර්කි ජනාධිපතිවරයා කියා සිටියේ, කලාපීය රටවල කැමැත්ත සහ දායකත්වය මත ගොඩනැඟෙන්නේ නැති කිසිදු දේශපාලන විසඳුමක් ස්ථිරසාර නොවන බවයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්















