ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සිද්ධියකට සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද (2026.07.06) අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අධිකරණයෙන් ලැබුණු නියෝගයකට අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම විමර්ශනය සිදු කරන ලදී. ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පිටුවහල් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ජායාරූප සහිතව, වෙනත් පුද්ගලයෙකුගේ දත්ත ඇතුළත් කර සකස් කළ ව්‍යාජ ගමන් බලපත්‍රයක් කිසිදු පරීක්ෂණයකින් තොරව නිකුත් කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















