කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල කටයුතුවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටී.
















