පසුගියදා විදේශීය ගුවන් මගියෙකු බීමත්ව කලහකාරීව හැසිරෙමින් ගුවන් සේවා කාර්‍යමණ්ඩල සාමාජිකයෙකුට (AASL) පහරදීමක් සිදුකර ඇත. පසුව ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා පොලිසියද පැමිණ ඇති නමුත් ආධුනික ආගමන විගමන නිළධාරියෙකුගේ අත්තනෝමතික ක්‍රියාකාලපය හේතුවෙන් මෙම මගියාව ආගමන විගමන නිෂ්කාශනය නොකර මේ ආකාරයෙන් පිටත්වීමේ ප්‍රවේශයේ බිම වැටී සිටීමට සලස්වා ඇත.
මෙම අවස්ථාවේ AASL ආරක්ෂක නිළධාරීන් හා පොලීසියද දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර මගීන් විශාල ප්‍රමාණයක් පිටත්වන duty free සාප්පු ඉදිරියේ මෙම බීමත් පුද්ගලයා හැසිරෙන ආකාරයද වෙනත් මගීන් ජායාරූප ගතකර ඇත.
අප මේ රටක් වශයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ අවමානයට ලක්වන්නේ පළපුරුද්දක් නොමැති ආගමන විගමන නිළධාරීන් ප්‍රධාන ස්ථානවල සේවයේ යෙදවීමේ අදූරදර්ශී ආගමන විගමන දෙපාර්තමේන්තු පාලනයේ තීරණගැනීමේ දුර්වලතාවයයි. අපරාධකරුවන්ට විදෙස් ගමන් බලප්ත්‍ර සාදා දී අත්අඩංගුවට පත්වන ආගමන විගමන නිළධාරීන් මෙන්ම ජාත්‍යන්තර ගුවන් තොටුපොලටද කාර්‍යක්ෂ්ම නිළධාරීන් පත්කල යුතු කාලය එළඹ ඇති බව අප මතක් කර සිටින්නෙමු.















