අද (ජූලි 09) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම මඩකළපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි කාලගුණ තත්ත්වයන් තුළ වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ අධික හිරු රශ්මියට නිරාවරණය වීම අවම කරගන්නා ලෙසත් බලධාරීන් උපදෙස් ලබා දෙයි.
















