ඉරානයේ උතුරුදිග ගොලෙස්තාන් පළාතේ පිහිටි ප්‍රධාන දුම්රිය පාලමකට අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි. මෙම පාලම ඉරානය, චීනය සහ රුසියාව අතර භාණ්ඩ ප්‍රවාහනය සහ ආර්ථික සබඳතා පවත්වාගෙන යන උපායමාර්ගික වශයෙන් වැදගත් වන ප්‍රධාන කොරිඩෝවේ කොටසකි. මෙම ප්‍රහාරය හරහා එම රටවල් අතර පවතින සැපයුම් දාමය සහ වෙළඳ සබඳතා බිඳ දැමීම අමෙරිකාවේ අරමුණ වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙම සිදුවීමත් සමඟ කලාපීය ආර්ථික සහ යුද උණුසුම තවත් උත්සන්න වනු ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් වෙමින් පවතී.
















