ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගීත රැසක් ගායනා කළ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) අලුයම අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 68 වැනි වියෙහි පසුවූවාය.
කෙටි කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. දශක ගණනාවක් පුරා සිය මියුරු හඬින් රසික හදවත් පිනවූ ඇය, සිංහල සංගීත ක්ෂේත්‍රයට අගනා මෙහෙවරක් ඉටු කළ කලාකාරිනියකි.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සහ දේහය තැන්පත් කර තැබෙන ස්ථානය පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ විශාල හිඩැසක් තබමින් නික්ම ගිය ඇයගේ වියෝව පිළිබඳව සමස්ත කලා ලොවම දැඩි ශෝකයක් පළ කරයි.
















