බස්නාහිර පළාතෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064ක් වන අතර, අද (10) දින වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ ගොස් ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ දත්ත අනුව, මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,556ක් ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,355ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,699ක් ද සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,425ක් ද වශයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.














