අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට වරදකරු වී අධිකරණය මගින් වසර 3ක සිරදඬුවම් නියම කිරීමෙන් පසු සැඟව සිටි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිරදඬුවම් නියම කිරීමෙන් අනතුරුව ඔහු තමන් පදිංචිව සිටි මහනුවර, මාරස්සන ප්‍රදේශය අතහැර ගොස් සැඟව සිට ඇති අතර, අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ලද තොරතුරකට අනුව ඊයේ (09) කිරිල්ලවල, ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
තමන් පොලීසියේ උපදෙස් මත වරින් වර පදිංචි ස්ථාන මාරු කරමින් සැඟව සිටි බව අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකාර සභාපතිවරයා පවසා ඇත. සැකකරු අද (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















