පළාත් සභා මැතිවරණය සඳහා වෙන් කරන ලද මුදල් කිසිදු ආකාරයකින් ආපදා සහන කටයුතු සඳහා යොදාගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී ඇති මූල්‍ය ආධාර නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පවතින විශේෂ ගිණුමක සුරක්ෂිතව පවතින බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළාය.
මෙම අරමුදල් ජාතික ප්‍රමුඛතා සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, හඳුනාගනු ලබන ව්‍යාපෘති සඳහා ඉතා ඉහළ විනිවිදභාවයකින් සහ වගවීමකින් යුතුව යෙදවීමට නියමිතය.
අදාළ ව්‍යාපෘති හරහා පහත කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම.
ජීවනෝපාය මාර්ග නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම.
හානියට පත් පොදු යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවා නැවත නගා සිටුවීම.
සියලුම අරමුදල් කළමනාකරණය සහ භාවිතය ඉහළම විනිවිදභාවයෙන් සහ යහපාලන මූලධර්මයන්ට අනුකූලව සිදුකරන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
















