නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු අතුරු මැතිවරණයට (Midterms) පෙර, එරට ස්වාධීන ෆෙඩරල් මැතිවරණ සහාය කොමිසමේ (EAC) ප්‍රධානීන් ධුරවලින් නෙරපා හැරීමට ප්‍රථම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිරය සහ බුද්ධි අංශ නිලධාරීන් එම කොමිසම මඟහැර ඡන්ද යන්ත්‍රවල වෙනස්කම් සිදු කිරීමටත්, තැපැල් ඡන්ද ලියාපදිංචියට පුරවැසිභාවය අනිවාර්ය කිරීමටත් මාස ගණනාවක් තිස්සේ උත්සාහ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. මේ සඳහා ‘ජාතික හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත් කර ෆෙඩරල් කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පවා බලධාරීන් සාකච්ඡා කර ඇත. මේ අතර, ට්‍රම්ප් විසින් කොමිසමේ ඩිමොක්‍රටික් කොමසාරිස්වරුන් දෙදෙනාම ඉවත් කිරීමත් සමඟ කොමිසමට අවශ්‍ය ගණපූරණය (Quorum) අහිමි වී ඇති අතර, ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කරන්නේ මෙය මැතිවරණ පාලනය තම අතට ගැනීමට ට්‍රම්ප් සිදු කළ අත්තනෝමතික බලපෑමක් බවයි. කෙසේ වෙතත්, ධවල මන්දිරය පවසන්නේ මැතිවරණ වංචා වැළැක්වීම සහ ඇමෙරිකානු මැතිවරණ සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















