ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණය සම්බන්ධයෙන් පලිගැනීමක් සිදු කරන බවට ඔහුගේ පුත්‍රයා සහ වත්මන් උත්තරීතර නායක අයතුල්ලා මොජ්ටබා කමේනි ලිඛිත ප්‍රකාශයක් නිකුත් කර තිබේ. තම පියාගේ අවමංගල්‍ය උත්සවය ආරම්භ වී සතියක් ගතවූ පසු රූපවාහිනිය ඔස්සේ නිකුත් කළ මෙම ප්‍රකාශයෙන් ඔහු සඳහන් කරන්නේ, මෙම පළිගැනීම ඉරානයේ පමණක් නොව ලොව පුරා සිටින නිදහස් ජනතාවගේ ද වගකීමක් බවයි.
පසුගිය පෙබරවාරි 28 දින අමෙරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනි මියගිය අතර, එම ප්‍රහාරයෙන්ම මොජ්ටබා කමේනි ද බරපතළ තුවාල ලබා ඇති බවට වාර්තා වේ. මාර්තු 8 වන දින ඔහු නව උත්තරීතර නායකයා ලෙස පත් කිරීමෙන් පසු මේ දක්වා ඔහුව ප්‍රසිද්ධියේ දැක ගැනීමට හෝ ඔහුට අයත් වීඩියෝ හෝ ශ්‍රව්‍ය පටයක් ප්‍රකාශයට පත් වී නොමැත.
මැරුණු නායකයාගේ සහ මෙම යුද්ධ දෙකේ සියලුම දිවි පිදූවන්ගේ ලෙයට තමන් පළිගන්නා බවට එම ප්‍රකාශයේ සඳහන් වේ. අමෙරිකානු සහ ඉරාන හමුදා අතර මෑතකදී හුවමාරු වූ ප්‍රහාර මාලාව හේතුවෙන්, මාස හතරක් පුරා පැවති යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර ඇති කරගත් සටන් විරාමය බිඳ වැටී ඇති බවට සැක පහළ වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමය අවසන් වී ඇති බවයි. කෙසේ වෙතත්, දෙරට අතර සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව ඔහු සඳහන් කරයි. නව නායකයා ආබාධිත තත්ත්වයෙන් පසුවුවද ඔහු ජනතාව හමුවට පැමිණිය යුතු බවට ඉරාන වැසියන් අතර මතයක් පවතින අතර, එරෙහි බලගතු විප්ලවවාදී ආරක්ෂක බලකායේ සහයෝගය ඔහුට හිමිවී තිබේ.
අයතුල්ලා අලි කමේනි වසර 37ක් රට පාලනය කළ අතර, විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පසුගිය සිකුරාදා ඔහුව රටේ ශුද්ධ වූ ස්ථානයකදී භූමදාන කරනු ලැබීය.
















