ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ 83 වන ජන්ම දිනය (ජූලි 14) නිමිත්තෙන් කහටගස්දිගිලිය, කෝමාරිකාවල ගම්මානයේ ඉදිකළ නව පෙර පාසල් ගොඩනැගිල්ල අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) විවෘත කෙරිණි. ‘සැප්තැම්බර් 17 ව්‍යාපාරයේ’ මූල්‍ය දායකත්වයෙන් රුපියල් ලක්ෂ 25ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර, උත්සවයේදී රෝහණ විජේවීර මහතා සිහි කරමින් පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදුකෙරුණි.














