නවගමුව, කොරතොට ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇත.
වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව මුලින්ම නවගමුව රෝහලට ඇතුළත් කළ ඔහු, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබුණි. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.
මියගිය තරුණයා කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













