කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව, මීගමුව සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40-50ත් අතර පවතින අතර, එය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැක.පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.මේ හේතුවෙන් මුහුදු රළ ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, ධීවර සහ නාවික ප්‍රජාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.














