එක්සත් ජනපදයේ 250 වන නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සකස් කළ ‘Coffee Table’ ග්‍රන්ථයේ පළමු පිටපත, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු භාර රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය.
මෙම ග්‍රන්ථය මගින් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, දෙරටේ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වූ සුවිශේෂී පුද්ගලයින් සහ සබඳතාවල ප්‍රධාන සන්ධිස්ථාන ඓතිහාසික හා වර්තමාන ඡායාරූප මගින් ලේඛනගත කර ඇත.
මෙම සාකච්ඡාවේදී තානාපතිවරයා අවධාරණය කළේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි. එමෙන්ම, මෙම ග්‍රන්ථය ඉදිරියේදී සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කර ශ්‍රී ලාංකීය ජනතාවගේ පරිශීලනයට ලබා දීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මිය, දෙරට අතර සබඳතා පිළිබඳව මෙවැනි ඓතිහාසික තොරතුරු ලේඛනගත කිරීමේ මුලපිරීම ඇගයීමට ලක් කළාය. මෙම ප්‍රකාශනය JAAF-SL සංවිධානයේ අනුග්‍රහයෙන් සිදුවූ අතර, මෙය ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික හා වෙළඳ සබඳතා වර්ධනය කිරීමේ වැඩපිළිවෙළෙහි තවත් පියවරක් ලෙස සැලකේ.














