ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ මරණය සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රශ්නයක් යොමු කර තිබේ.
එහිදී රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ නම් පිළිබඳව මන්ත්‍රීවරයා විමසීමක් සිදු කළ අතර, ඊට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා විසින් පිළිතුරු ලබා දී ඇත. මෙම ප්‍රශ්න කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ආණ්ඩුව සමඟ වාද විවාදවල පැටලී තිබේ.
















