ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයාට එරෙහිව පවත්වන විමර්ශනයක් හේතුවෙන්, එහි නව වැඩබලන සභාපතිවරයා ලෙස චමර අලුත්ගේ මහතා පත්කර ඇතැයි වාර්‌තා වේ. හිටපු සභාපති රොෂාන් ගුණවර්ධන මහතාට එරෙහි පරීක්ෂණ නිසා මෙම අතුරු පත්කිරීම සිදු කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග තහවුරු කරයි. මෙයට අමතරව තවත් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව ,මෙවැනි චෝදනා ඔප්පු වී ඇති පසුබිමක ඔවුනට එරෙහිව විනය ක්‍රියා මාර්ග නොගන්නේ මන්දැයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ප්‍රශ්න කරති.
වත්මන් ක්‍රීඩා පරිපාලනය තුළ සිදුවන ඇතැම් පරිපාලනමය වෙනස්වීම් සහ හිටපු ප්‍රධානීන්ගේ බලපෑම් පිළිබඳව ක්‍රීඩා සමාජ සහ විවිධ පාර්‌ශ්ව අතර දැඩි විවේචන මතුවී ඇත. සංගමයේ අභ්‍යන්තර කටයුතු සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවට ක්‍රීඩා විශ්‌ලේෂකයෝ පෙන්වා දෙති.
පසුගිය කාලය පුරා බැඩ්මින්ටන් සංගමය තුළ ක්‍රියාත්මක වූ පරිපාලන ක්‍රමවේදයන් සහ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුවී තිබේ. ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා විධිමත් හා අපක්ෂපාතී පාලන තන්ත්‍රයක අවශ්‍යතාව මින් මනාව පැහැදිලි වන අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සංගමය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැත.
















