ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දැනට සර්වේයර් ජනරාල්වරිය ලෙස සේවය කරන පී. කේ. එල්. එස්. පඬුවාවල මහත්මිය එළඹෙන අගෝස්තු 20 වන දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. ඒ අනුව පුරප්පාඩු වන අදාළ තනතුර සඳහා, දැනට අතිරේක සර්වේයර් ජනරාල්වරියක ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනී ඕ. ටී. එම්. අයි. තිලකරත්න මහත්මිය 2026 අගෝස්තු 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.














