හබරණ, අළුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක කපුවකුගේ මූලිකත්වයෙන් පුද පූජා පවත්වා අනවසරයෙන් නිධන් හෑරූ බව කියන හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන අගෝස්තු 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
හතරැස් කොටුව ගල්ඔය පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මොවුන්, අඩි 10ක් පමණ ගැඹුරු වළක් හාරමින් මැණික් නිධානයක් ලබාගැනීමට උත්සාහ කර ඇත. වැටලීමේදී කැණීම් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.














