NEET-UG 2026 විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට වගකිවයුතු අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල නිවස පිහිටි ප්‍රදේශයේ විරෝධතාවයේ යෙදුණු විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකා ගාන්ධි වද්රා ඇතුළු කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී අදහස් දැක්වූ ප්‍රියංකා ගාන්ධි ප්‍රකාශ කළේ ආණ්ඩුව තමුන්ට බිය වී ඇති බවයි. සිසුන්ගේ අනාගතය වෙනුවෙන් ආරම්භ කළ මෙම සටන කිසිසේත්ම නතර නොකරන බව කොංග්‍රස් නායකයෝ වැඩිදුරටත් අවධාරණය කරති.














