ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයින් පත්කර ඔවුන්ව සිය පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (21) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණද, පස්වරු වන තෙක්ම ඔහු කොමිසම හමුවේ පෙනී සිට නොමැති අතර පෙනී නොසිටීමට හේතුවක් ද දැනුම් දී නොමැති බව සඳහන් වේ.














