පිහියකින් බෙල්ල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට වරදකරු වූ රජයේ රෝහලක සෞඛ්‍ය සහායක සේවකයෙකුට උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා විසින් අද (22) මරණීය දණ්ඩනය නියම කරන ලදී.
2014 වසරේ මැයි මස 24 වන දින හෝ ඊට ආසන්න දිනයකදී එප්පාවල ප්‍රදේශයේදී බී. මහින්ද කුමාර නමැත්තෙකුගේ ඝාතනය සිදුකළ බවට එල්ල වූ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීම හේතුවෙන්, එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඩබ්.ඩී. දේවානන්ද නමැති විත්තිකරුට එලෙස මරණ දඬුවම නියම කර ඇත.














