පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (PTL) සමාගමේ ව්‍යාපාරික කටයුතු තහනම් කිරීම වාර ගණනාවක් තිස්සේ දීර්ඝ කිරීම ළඟදීම අවසන් වන අතර, ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ප්‍රාථමික වෙළෙන්දෙකු ලෙස PTL සමාගම විසින් කරනු ලබන ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම පසුගිය ජූලි 05 වනදා සිට තවත් මාස 6ක කාලයකට දීර්ඝ කිරීමට මහ බැංකුව කටයුතු කළේය. මෙම බැඳුම්කර සිද්ධිය මෑත කාලයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව බව පෙන්වා දුන් අධිපතිවරයා, ඊට අදාළව එම සමාගමට අයත් රුපියල් බිලියන 12කට අධික වත්කම් රාජසන්තක කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇති බවත්, මේ වන විට සිදුවන අධිකරණ ක්‍රියාමාර්ග ළඟදීම අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
















