රටපුරා පෞද්ගලික බස් රථවල සේවය කරන සේවකයන්ගෙන් සියයට 22ක් පමණ අයිස්, මත්කුඩු සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කරන බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමිත්‍ර කුමාරදාස කුලියාපිටිය මහතා පවසයි.
බස්නාහිර පළාතේ පමණක් මෙම අගය සියයට 30ක් වන අතර, වැඩිම පිරිසක් මත්ද්‍රව්‍ය පානය කර සේවයේ යෙදී ඇත්තේ වයඹ සහ සබරගමුව යන පළාත්වල කොන්ත්‍රාත් පදනම මත සේවය කරන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අතරය. වැඩිපුර මුදල් සෙවීමේ අරමුණින් ඇතැම් බස් හිමියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයන්ට බස් රථ ලබාදීම මගී ජනතාවගේ ජීවිත බරපතල අනතුරක හෙළීමක් බවත්, මෙම තත්ත්වය නිසා ස්ථීර සේවකයන්ද අපහසුතාවට පත්ව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.
















