2026 වර්ෂය තුළදී ශ්‍රී ලාංකිකයින් 250,000කට ආකර්ෂණීය වැටුප් සහිත විදේශ රැකියා අවස්ථා ලබාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව සහ කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හරහා මෙම රැකියා අවස්ථා ලබාදීමට නියමිත අතර, විදේශගත වන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට ඉහළ වැටුප් සහ ආරක්ෂිත සේවා පරිසරයක් තහවුරු කිරීම මෙහි මූලික අපේක්ෂාවයි.














