සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සඳහා තම ගොඩනැඟිල්ල ලබාදුන් එහි හිමිකරු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර වැඩබලන මහෙස්ත්‍රාත් චමින්ද පතිරණ මහතා නියෝග කර තිබේ.
කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම නීතිවිරෝධී මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.













