යාපනයේ පෞද්ගලික රෝහලක් සම්පූර්ණ රුධිර ගණනය (FBC) කිරීමේ පරීක්ෂණයක් සඳහා නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන බවට වාර්තා වීමත් සමඟ, පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් ප්‍රධාන වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සඳහා අදාළ වන උපරිම ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනතට අනුව සකස් කරන ලද මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය එළැඹෙන ජූලි 29 වන දින සිට බලාත්මක වන අතර, රසායනාගාර පරීක්ෂණ සඳහා පෞද්ගලික ආයතන විසින් අය කළ හැකි උපරිම ගාස්තු මගින් නියාමනය කර ඇත.














