ගල්කිරියාගම, බළලු වැවේ වැව් බැම්ම මත තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ ගාලදිවුල් වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැදි පුද්ගලයෙකි.මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














